Saturday, December 2, 2017

රත්තරනේ......


සිත සොයන්නේ නුබවමයි තාමත්.........
සුවද නාවට.....ගත ලගින්
රත්තර‍නේ නුබ මේ ලෙසින්
ඇයි ද ගියේ........මා තනිකරන්

අකුරෑ කෙරෑවා දහසකුත්
කවි......නුබේ නෙත් කොන් සිහිකරන්
නොදැක්කා සේ ඉන්නේ කොහොමද
හිනෙක්න්වත් නොඇවිදින්...........

කොහේ කොතනක හිදින්නෙ
කාගේ කවුරැන් වි ද දැන්............
එන්න බැරි බව දන්නවා මම
එකම කවියක් ඒවාපන්............

Tuesday, May 20, 2014

අවසරයි..........


හින් කදුලැලි

නෙතින් වැටුනත් නුබෙ සෙනෙහස සිහිකරන්......

මංපරාදයි 

නොහොබිනා

හිතුවක්කාරකමි                                                                   
මුල්  කරන්

යලිත් එන්නට නැතත් අවසර නුබෙ සිත් මල්සිප හදින් හැකියි ඉන්නට මියෙන තුරැහදේ සෙනෙහසගොළු කරන්


නුබට කියන වග නමි..........



මගේ කදුළු වල                         
බර...........................මගේ සුසුමක තෙත........වෙවිලන දෑත් වල උණුසුම........මගේ හදේ ආදරය.........මා මිය යන........... මොහොතේ වත්   

නුබට දැනේවි  ද........


Friday, July 26, 2013

සිතුවිල්ල......

නෙතු පැතු පෙමි 
මාලිගා අද සිහින අහසේ පාවෙලා.....
හද තෙමු පෙමි වදන් සිහිලැල්
සුසුමි සුලගට මුසු වෙලා.........
නුබ ද ගොලු වි
මම ද ගොලු වි
ලොවේ දෙතැනක තනිවෙලා
අරැත නොහැගුනු
නොදත් හැගුමක්
සිත් දෙදරවා
හැංගිලා...........

Wednesday, July 11, 2012

හදත පාරන සොදුරැ හැගුමි..........

          පුළුවන්නමි ඔයාට පුංචිම පුංචි ‍වෙලාවකට ඇස් දෙක පියාගෙන අපෙ සොදුරැ අතිතයට යන්න.....මතකද ඔයාට.....  ''එදා දළදා හාමුදුරැවො ලගදි සිතට දැනුන සැනසුම මම ඡිවිතේ කවදාකවත් ව්දලා නෑ''. මන්දාරමට නොක්කාඩු කියමින් හමුවෙලා වෙන්වුනු හැම හැන්දෑවකම ''ඔයාගෙ ඇස් වල තිබුනු අදරය වෙන කෙනෙක්ගෙ ඇස් වලින් මම දැක්කේ නෑ......''. ඒ ආදරය දැන් ‍නොදැනෙන  එක ඇත්ත......ඒත් යාන්තම‍ට කලුවර වැටෙනකොට ඔයාට ගුලි වෙලා කෝචිචියක් වාගේ කියවපු සවස්වරැ තරමි දැන් දවස් ලස්සන නැති එකත් ඇත්ත.....''.එදා මම දැකපු හින..මට මගේ වුනු හින..දැන් මට අයිති නැති එකත් ඇත්ත''......එත් ඔයා දන්නවද?....‍මේ ඡිවිතය පුරාවටම මට මගේම නොවුන ආදරය දැන් මාව පාරන් නෑ.එකම හැගිම සිරුවට සියදහස් වතාවක් රිද්දපු හිතට ඉස්සර තරමි දුක දැනෙන් නෑ......විශ්වාස කරන්න මුකුත්ම හිතෙන් නෑ.අද මම තනිවෙලා කියලා මිසක්......වෙන කිසිම හැගිමක් දැනෙන් නෑ......''සත්තයි....''

Thursday, May 17, 2012


 

පොඩි නංගි......


සුදු රැළි සාරිය ඇදලා
කොන්ඩ කරල් දෙක බැදලා
පියවර මනිමින්
ඇවදින පුංචි නංගියේ.....
ළැමට තුරැලු වු
පොත් මිට
කියා දෙති නුබට ලැබැදිව
ඡිවන මග ජයගන්නට
නව ලොවක් කරා........

Monday, April 30, 2012

නිළ නොලත් කවිය!


සැඳෑ කලුවර එබෙන යා‍‍මේ
සිතේ තනිකම ඉකිබිදි
මගේ තනිකම
නොතනිය අබියස
කවිය
නුඹ මගේ
            ‍පෙමිවතයි.........